ඉන්දීය හා ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් එකඟතාවය මත 2022 වර්ෂය සඳහා ඉන්දියාවෙන් පහත අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ආනයනකරුවන් වෙළෙඳ අමාත්‍යංශයේ ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
· අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය
· අත්‍යවශ්‍ය ඖෂධ
· සිමෙන්ති
· රෙදිපිළි
· සත්ත්ව ආහාර
· කර්මාන්ත සඳහා යොදාගනු ලබන අමුද්‍රව්‍ය
· විශේෂිත පොහොර වර්ග
මෙවැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග පසුගිය වසර තුළ ඉන්දියාවෙන් ආනයනය කර ඇති ආනයනකරුවන් හෝ ඉහත භාණ්ඩ ඉන්දියාවෙන් ආනයනය කිරීමට අපේක්ෂා කරන ආනයනකරුවන්ට ලියාපදිංචිය සඳහා වෙළෙඳ අමාත්‍යංශයේ https://mot.bell.lk/ යන වෙබ් අඩවියට පිවිස 2022.03.21 දින සිට 2022.03.28 දින දක්වා මාර්ගත ක්‍රමය ඔස්සේ අයදුම්කළ හැකිය. සම්පූර්ණ කරන ලද අයදුම්පතේ දෘඩ පිටපතක් (Hard Copy) 2022.03.28 ප.ව. 3.30 ට හෝ ඊට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපැල් මඟින් හෝ ගෙනැවිත් වෙළෙඳ අමාත්‍යංශය වෙත භාර දිය යුතුය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු/ අවශ්‍ය සහය සහකාර ලේකම් ඊ. ඒ. ඒකනායක මෙය (0762566047) ඇමතීමෙන් ලබා ගත හැකි අතර ලියාපදිංචිය සම්බන්ධයෙන් යම්කිසි අපහසුතාවයක් වේ නම් වෙළෙඳ අමාත්‍යාංශයේ තුන්වන මහලේ ස්ථාපිත කර ඇති විශේෂ ඒකකය වෙත පැමිණීමෙන් අදාළ කාර්යය සිදු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සළසා ඇත.
වැඩිදුර තොරතුරු පහත සඳහන් දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැක.
අයිතමය |
සම්බන්ධ කරගත යුතු නිළධාරියා |
තනතුර |
ආයතනය |
දු.ක. අංකය |
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය |
කුමුදු මීගහගේ මහතා |
අධ්යක්ෂ |
වෙළෙඳ අමාත්‍යංශය |
0718246920 |
අත්‍යවශ්‍ය ඖෂධ |
දිනූෂ දසානායක මහතා |
සාමාන්‍යාධිකාරී |
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව |
0773721188 |
රෙදිපිළි |
බී. එල්. එස්. පී. නිශාන්ත මහතා |
ප්‍රධාන තාක්ෂණ නිළධාරී |
බතික් අත්යන්ත්‍ර... රාජ්‍ය අමාත්‍යංශය |
0771505494 |
සත්ත්ව ආහාර |
වෛද්‍ය එන්. ප්‍රියංකරගේ මෙය |
රෙජිස්ට්‍රාර් |
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව |
0718038954 |
කර්මාන්ත සඳහා යොදාගනු ලබන අමුද්‍රව්‍ය /සිමෙන්ති |
එල්. ඒ. උදාසිරි පෙරේරා මහතා |
අධ්යක්ෂ |
කර්මාන්ත අමාත්‍යංශය |
0777824758 |
විශේෂිත පොහොර වර්ග |
කසුන් මහතන්තිල මහතා |
නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් |
ජාතික පොහොර ලේකම් කාර්යාලය |
0718500592 |
ලේකම්,
වෙළෙඳ අමාත්‍යාංශය,
නො 492, ආර්. ඒ. ද මෙල් මාවත,
කොළඹ 03
User Comments (0)